Kitchen
චාපාති වලින් හදා ගත් කොත්තු රොටි
පොඩියට කපා ගත් චාපාති අවශය ප්‍රමාණයට
කැමති මස් වර්ගයක් පොඩියට කපා හොදින් තම්බා ගත් වතුර ටිකකුත් අවශ්‍යයි.
පොඩියට කපා ගත් ලුනු /අමුමිරිස් /තක්කාලි අවශ්‍ය ප්‍රමාණයට
හිනියට කපා ගත් කැරට් /ලික්ස් හා ගෝවා අවශ්‍ය ප්‍රමාණයට
අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු /ගම්මිරිස් කුඩු
රස අනුව ලුණු
හොදින් ගසා ගත් බිත්තර 2-3ක්
සාදා ගන්න විදිය
මුලින් භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දමා එකට ඉගුරු සුදුලුනු පේස්ට් පොඩ්ඩක් දමා රන්වන් පාටට බැදෙන්නට හරින්න.
ඉන්පසු එකට තම්බා ගත් මස් ටික දමා ටික වේලාවක් හොදින් බැදෙන්නට හරින්න.
පසු එකට කපා ගත් ලුනු හා අමුමිරිස් ටික දාලා බැදෙන්නට හැර එකටම කපා ගත් කැරට් /ගෝවා ටික හා කපා ගත් තක්කාලි ටික දමා ගෙන හොදින් බැදෙන්නට හරින්න.
දැන් එකට රස අනුව ලුණු /මිරිස් කුඩු හා ගම්මිරිස් කුඩු දමා හොදින් කලවම් කර ටික වේලාවක් තියන්න.
පසු එලවලු ටිකක් රවුමට අයින් කර එ මැදට හොදින් ගසා ගත් බිත්තර ටික දමා බැදුණු පසු එලවලු සමග හොදින් මිශ්‍ර කර ගන්න.
එකටම හිනියට කපා ගත් ලික්ස් ටිකකුත් දමන්න.ඉන්පසු එයට කපා ගත් චාපාති ටික දමා හොදින් මිශ්‍ර කරන්න.
එයට මස් තැම්බු වතුරත් දමා හැන්දකින් හොදින් තදට කොත්තු ටික මික්ස් කර ගත් විට කොත්තු රසට එනවා.
Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks